Friday, May 20, 2011

෴ තනි මඟ ෴

සත්කුළු පවුරට එතෙරින් 
සුවඳ ගලා ආ රහසින්
ළං වෙනු බැහැ නුඹ සමඟින්
ආදර ලොව මා දවමින්


වසන්ත කාලය මොහොතයි
දරන්න බැරි දුක උරැමයි
සිතන්නෙ නුඹ ගැන පමණයි
හඬන්න කඳුලැලි සිඳිලයි


හිත මගෙ දැන් හරි වෙහෙසයි
නුඹ ගැන හරි අවිවේකයි
හමුවෙන සිහිනය බොඳවෙයි
සමුගමු කාලය නිම වෙයි

තනි මඟ තනි කම ගාවා
හිත මගෙ යළි නවතීවා
නුඹ ඉටු දෙවි වී සැමදා
 මා සිත ළඟ නවතීවා
 
තනි මඟ යන 
මම
෴වත්෴

No comments:

Post a Comment