Friday, May 20, 2011

අතරමං වූ බඹරාට මඟ සොයා ගනු වස්......................

 


෴ බඹරා ෴ 

අකාලයේ පිපි රෝස කුසුම නුඹ
වරුවක් නුඹ ළඟ රැදෙනු බැරී
සදාකාලිකව පිපුන නෙළුම් මල
මා එන තෙක් මඟ බලන් ඇතී


  නෙළුම  ෴
හඳ බැඳි ආලය දෑගිලි සිර කර
නුඹ මා නෙළුවේ ඇයි ද මෙසේ
 වෙන මලකට ලොබ බදින්න නම් මා
සිරකර දා ඇයි තබනු මෙසේ


෴ බඹරා ෴

නුඹහට දුන් සිත ආලය සෙනෙහස
බිඳකුඳු හෝ අඩු වෙලා නොවේ
රෝස මලට දුන් ආදර සෙනෙහස
නුඹ ගෙන් මා බිඳ දමනු නොහේ


෴ රෝස මල ෴

අහඹුව හමු වී දොඩමළු වූව ද
නුඹ පෑ සෙනෙහස රඳමි සිතේ
බඹරුගෙ අයිතිය නෙලු මල ළඟටයි
මම නටුවෙම රැදි සිටිමි මෙසේ


෴ රෝස මල සහ නෙළුම් මල  ෴

මල් ලොව හිමිකරු බඹරුන් වූවත්
හිමිකම් පෑමට සැම අසමත්
සුවඳ සිතක සෙනෙහස හමනා විට
මුළු ලෝකෙම වෙයි ඉන් සුවපත්
“Love is like a beautiful flower which I may not touch, but whose fragrance makes the garden a place of delight just the same”


තනි අත්තක පිපුන, 
තවමත් නටුවෙම රැදුන රෝස මල
මම
෴ වත් ෴ 

No comments:

Post a Comment